ඉදිරි පැය 24 ගැන ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි විමසිල්ලෙන් ඉන්න.
මල්වතු ඔය ද්‍රෝණිය සදහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවිමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දිර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
මේ අතර, මහවැලි ගග, මුන්දෙණි ආරු ද්‍රෝනිය, දැදුරු ඔය සහ හැඩ ඔය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම ඊයේ පස්වරුවේ ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කරනු ලැබීය.
මේ අනුව එම ප්‍රදේශ වලට ඉදිරි පැය 24 විශේෂ වනු ඇත.
කෙසේ වෙතත්, බොහෝ ගංගා සහ ඔයවල් හි ජලය මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතින නමුත් ඇතැම් ජලාශවල වාන් දොරටු තවමත් විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම ගංවතුරට හසු වූ ප්‍රදේශ රැසක පහත්බිම්වල ජලය තවදුරටත් රැදී පවතින බව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.
නව රජය විසින් විශ්‍රාම වැටුප් කපා දමන්න යයි..කැපෙන පිරිස ගැනත් කියයි..වාහන සම්බන්ධයෙනුත් ගන්න යන තීරණය මෙන්න.
මේ අතර, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි.
එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවට අනුමාන කරයි.
ඒ අනුව අද දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති වීමට හැකියාව පවතී. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවෙයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම්දෙනු ලබයි.
උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.
විවාහ වන හැමෝටම සතුටුදායක ආරංචියක්..ලක්ෂ ගානක වටිනා දෙයක් නොමිලේ ලැබෙයි..හැබැයි මේ වයස් වල තරුණ තරුණියන්ට පමණයි.
මේ අතර මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද දිනයේ සාමාන්‍ය පරිදි සිදු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.
එසේම උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔය දක්වා සීමා කර ඇත.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාම් පිළිබද රතු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කළ අතර කෑගල්ල දිස්ත්‍රික්කයටද රතු නිවේදන නිකුත් කෙරිණි.
වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න👇
You May Like This Video