ඉදිරි පැය 24 ගැන භයානක අනතුරු ඇඟවීමක්..දැඩි විමසිල්ලෙන් ඉන්න..

Sri Lanka Weather
By Aruna May 11, 2023 07:30 AM GMT
Aruna

Aruna

Report

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය අද (11) පෙ.ව 11ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ දැනුම් දී ඇත.

"මොඛා" සුළි කුණාටුව මේ වනවිට උදෑසන 5.30 වනවිට 11.2ණ් සහ 88.1E ආසන්නයේ කේන්ද්‍ර ගත ව පැවතුණු අතර එම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කමින් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉන් අනතුරුව එය ක්‍රමයෙන් වර්ධනය වී හෙට (12) උදෑසන වනවිට උතුරට බරව ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව හෙට හවස් වෙන විට ඉතා චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය මැයි 14 වනදා උදෑසන සිට මදක් දුර්වල වී එදින දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බවද වැඩිදුරටත් අනාවරණය කරනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now