අද සවස 5.30 වන තෙත් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්...

Sri Lanka Weather Galle Western province Southern province
By Aruna Sep 12, 2021 01:27 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතිනවා.

උතුර, උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ දක්වා වැඩිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.

මේ අතර මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අද (12) පස්වරු 5.30 තෙක් වලංගු වන ආකාරයෙන්.

නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ක් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන රළවල උස නොවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙම තත්වය මත මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha