උඹලට පෝනියෝ ටික බලා ගන්නනේ බැරි දෙන්නම් වැඩේ කියලා නගරාධිපති ගත්ත සුපිරි තීන්දුව

Urban Council Nuwara Eliya Law and Order Latest Headlines Sinhala news
By Kaushi Aug 07, 2025 12:49 PM GMT
Kaushi

Kaushi

Report

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම වාහනවලට අවහිර වෙන ආකාරයට අයාලේ සැරිසරන පෝනියන් අල්ලා ගාල් කිරීමට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව නගරාධිපතිවරයා පෝනියන්ගේ අයිතිකරුවන්, පෝනියන්ගෙන් ආදායමක් ලබාගැනීම පමණක් සිදුකර සතුන් රැකබලා ගැනීමක් සිදු නොකරන බව වැඩිදුරටත් කියා සිටියා.

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

දෙවන පාසල් වාරය අවසන්, ඊළඟ වාරේ පටන් ගන්නේ මෙහෙමයි

එසේම නගරාධිපතිවරයා පවසන ආකාරයට මෙ‍ම සතුන් නගරය පුරා සැරිසරමින් ආපනශාලාවලින් හා සංචාරකයින් ලබාදෙන ආහාර ගනී.

එමෙන්ම ඇතැම් පෝනියන් රෝගාතුරව සිටින බවත්, එම සතුන් සුවපත් කිරීමට අයිතිකරුවන් කටයුතු නොකරන බවටත් නගරාධිපතිවරයා චෝදනා කරයි.

ඒ අනුව අයාලේ සැරිසරන පෝනියන්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳව පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් මත අඳාළ තීරණය ගෙන ඇත.

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

ලොකු ලූනු ලොකුවට අරන් අවම මිලක් දෙන්න රජයෙන් ප්ලෑන් එකක්

මේ අතර මෙම පෝනියන් නගරසභාවෙන් ගාල් කර ඇති බවත් නැවත අයිතිකරුවන් භාරයට ගන්නේ නම් දඩ මුදලක් ගෙවිය යුතු බවත්, භාර නොගන්නේ නම් නගර සභාවෙන්ම වෙන්දේසි කිරීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්

අනිද්දට ලෑස්ති වෙලා ඉන්න, විශේෂ දැනුවත් කිරීමක්

ReeCha