චීනයේ වැල් පාලමේ කේබලයක් කැඩී යාමේ පස් දෙනෙකු මරුට
By Shehan
වයඹදිග චීනයේ ෂින්ජියැං පළාතේ එල්ලෙන පාලමක කේබලයක් කැඩී යාම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා තිබේ.
ෂින්ජියැං හි ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන ෂියාටා ප්‍රදේශයේ මෙම අනතුර සිදුවී ඇත.
කේබලය කැඩී යාමත් සමඟ පාලම එක් පැත්තකට ඇලවී ගොස් ඇති අතර, එම මොහොතේ සංචාරකයින් පිරිසක් පාලමේ එල්ලී සිටින ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණි.
අනතුරෙන් පසු එම සංචාරක ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.