මුස්ලිම් පාසල්වලට දෙවන වාර නිවාඩුව ලැබෙන දිනය මෙන්න
2025 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දෙවන පාසල් වාරය අද (07) අවසන් වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි, තුන්වන පාසල් වාරයේ පළමු අදියර එළඹෙන අගෝස්තු 18 වන සඳුදා ආරම්භ වනු ඇති අතර, එය ඔක්තෝම්බර් 17 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
එමෙන්ම, තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වන සඳුදා සිට දෙසැම්බර් 19 වන සිකුරාදා දක්වා පැවැත්වේ.
මුස්ලිම් පාසල් සම්බන්ධයෙන්, දෙවන පාසල් වාරය අගෝස්තු 19 වන අඟහරුවාදා අවසන් වන අතර, තුන්වන පාසල් වාරය එළඹෙන අගෝස්තු 25 වන දින ආරම්භ වීමට නියමිතය.