මේ ටිකේම අහන්න ලැබුණ ඇස් රතු වෙන ආරංචි මැද, හෙට සිට වෙන්න යන දෙය මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
හෙට (24) දිනයේ සිට වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි වේ.
කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි ය.
එමෙන්ම, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
තවද, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.