එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළට..

Report

එලවළු වෙළඳුන් පවසන්නේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට සහ පහතරට එලවළු මිල ඉහල ගොස් ඇති බවයි.

වෙළඳුන් කියා සිටියේ එලවළු වගාවන් ජලයෙන් යට විම නිසා අස්වැන්න නෙලා ගැනිමට නොහැකි විම හමුවේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විමෙන් ඇතැම් එලවළු වර්ග කිහිපයක මිල ඉහල ගොස් ඇති බවයි.

අමු මිරිස් කිලෝවක් රු 800,

තක්කාලි රු 400,

මාළු මිරිස් රු 650,

බෝංචි 400

යන මිල ගණන් යටතේ මේ දිනයන්හි අලෙවි කරන බවත්, ඉදිරි දිනයන්වලදි එලවළු මිල තවත් ඉහල යන බවද වෙළෙඳුන් පැවසිය.

You may like this video