ලොවම බලාපොරොත්තුවෙන් ඉන්න විවාහය..ඔන්න මේ දෙන්නා ළඟදීම එකතු වෙන්නයි යන්නේ..බලන්නකෝ සතුට - (PHOTOS)
Sobhita Dhulipala සහ Naga Chaitanya කියන්නේ මේ දවස්වල ඉන්දීය මාධ්‍ය කළඹන යුවලක් කියලා මේ දෙන්නාව හඳුන්වාදෙන්න පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්..
විවාහ මංගල්‍යය දෙසැම්බර් 4 වැනිදා හයිද්‍රාබාද්හි අන්නාපූර්ණ චිත්‍රාගාරයේදී පැවැත්වීමට නියමිත බව මේ වෙද්දී බොහෝ දෙනෙක් දන්නා කාරණයක්.. ඒ විතරක් නෙවෙයි, කලා තරු වගේම බොහෝ දෙනෙක් සහභාගී වුණ මේ අපූරු විවාහ මංගල උත්සවයේ පූර්ව විවාහ සැමරුම් අතර එකක් වෙන හල්දි උත්සවය පැවැත්විලා තිබුණේ බොහොම උත්කර්ශවත් ලෙසයි..
එහිදී බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත් නිරූපිකාවක් වන මේ මනාලිය එම උත්සවයට විචිත්‍රවත් ඇඳුම් දෙකකින් සැරසී සිටියා.. Naga Chaitanyaගේ මේ විවාහය අතරතුරම ඔහුගේ පෙර විවාහය ගැනත් මේ වෙනකොට විවිධ කතා ඇසෙනවා..
ඔහු මින් පෙර විවාහ වී හිටියේ ජනප්‍රිය නිලියක් වෙන Samantha Ruth Prabhu සමඟයි.. මොවුන් දෙදෙනාගේ වෙන්වීමත් එක්ක බොහෝ තැන්වල අසන්න ලැබුණේ Chaitanyaගේ පවුලෙන් එල්ල වූ බලපෑම් මත මේ විවාහය දෙදරා ගිය බවයි..(උපුටාගැනීමක්)
You may like this video