අඩි 20ක් පමණ දිග කිඹුලෙක් මනුස්සයෙක්ගෙ උරමතින් ගිහින්..

By krishani Nov 29, 2024 11:59 AM GMT
Report

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයෙක් විසින් අඩි 20ක් පමණ දිග කිඹුලෙකු තම උරමතින් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වේ.

මෙම සත්වයා සති කිහිපයක පමණ සිට පෞතියකුර්ද් නැමැති ප්‍රදේශයේ ජනතාවට මහත් පීඩාවක් ගෙන දී තිබෙනවා.

කිඹුලා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ ලැබුණු පැමිණිලි මත වනජීවී නිලධාරින් දින කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු එම සත්වයාව අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.

මුත්‍රා කරන්න එපා කීවට හොඳටම නෙලලා.. රෝහලට යන්න වුණ සිද්ධිය මෙන්න..

මුත්‍රා කරන්න එපා කීවට හොඳටම නෙලලා.. රෝහලට යන්න වුණ සිද්ධිය මෙන්න..

ගම්වාසීන්ගේ සහයෝගය ඇතිව අල්ලාගත් කිඹුලා වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා අදාළ පුද්ගලයා විසින් මෙලෙස එම සතවයා තම උරමතින් රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

එලෙස අල්ලාගත් කිලෝ 150ක් පමණ බරකින් යුත් මෙම කිඹුලාගේ කට සහ දෑත් දෙපා රෙදි කැබලිවලින් ගැට ගැසීමෙන් අනතුරුව මෙලෙස අදාළ පුද්ගලයා එම සතවයාව උරමත තබාගෙන රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙලෙස විශාල කිඹුලා රැගෙන ගොස් ඇත්තේ මෙහෙයුමට ආ වනජීවී නිලධාරියෙක් බවයි. 

You May Like This Video 👇 

.