ජීවිත 15ක් බිළිගත් රකුසා..එයින් නොනැවතී වගාවන් සුණු විසුණු කරයි..(VIDEO)

By Sewvandhi Nov 29, 2024 03:04 PM GMT
Report

කාගුණවිද්‍යා දෙපාර්තමේන්තු පවසන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ගතවු දින කිහිපය තුළ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි විය. පීඩාවට පත්ව සිටින පුද්ගලයන් ගණන 463,569 කි.

You may like this video



මේ අතර නිකුත් කළ නායයාම් අවදානම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන අතර අදියර තුන යටතේ නිකුත් කර තිබු "ඉවත් වීමේ නායයාම් අවදානම් ප්‍රදේශ" ඉන් ඉවත් කර තිබේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවෙමින් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කරනු ඇති බවයි.