බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය හෙට (30) බවයි.

රටම සංවේදී වුණ.. කලා වැවේ ආඩම්බරකාරයාගේ අවසන් කටයුතු සිදු කෙරේ..

රටම සංවේදී වුණ.. කලා වැවේ ආඩම්බරකාරයාගේ අවසන් කටයුතු සිදු කෙරේ..

එම වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් හෙට දින විවෘතව පවති.

තවද, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

You May Like This Video👇