හෙට දිවයිනේ මොකද දන්නව ද වෙන්නෙ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Mar 22, 2024 11:59 AM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

හෙට දිවයිනේ මොකද දන්නව ද වෙන්නෙ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 22Nd March 2024

ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට (23) දිනයේ දී මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ය.

එමෙන්ම, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

තව ද, උතුරුමැද සහ උතුරු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද හෙට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

ReeCha