ඒ ගමන මේ මොකක් ද?. ඉදිරි පැය 48 දී වෙන දෙය.. කලින්ම කළ දැනුම්දීම මෙන්න..
අද (17) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇත.
ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ය.
දෙයියනේ.. සැලෝන් ගිහින්.. කරපු සත්කාරයෙන් කතකගේ කෙස් ගැල විලා ගිහින්.. යන්නේ බලාගෙන?. විශේෂ තීරණයක් මෙන්න..
එමෙන්ම, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
තවද, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට අද (17) උදෑසන දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා තිබෙනවා.
එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 48 තුළදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
You May Like This Video👇
.