ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 30, 2024 01:06 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බවයි.

ඉන්ධනහල් වලින් බද්ද නොගත් නිසා සිදුවූ දේ..මාසික අලෙවියටත් විදීයි.

ඉන්ධනහල් වලින් බද්ද නොගත් නිසා සිදුවූ දේ..මාසික අලෙවියටත් විදීයි.


දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද දන්වා ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%