අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස විශේෂ වෙනස් වීම මෙන්න.. .

Report

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (23) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

ඔබ අද ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..විවාහ වෙන්න ඉන්න අයට මල් 07 යි..

ඔබ අද ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..විවාහ වෙන්න ඉන්න අයට මල් 07 යි..


නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන්වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.