අද කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jul 02, 2024 01:06 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි,එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..

සියල්ලන් පුදුම කරමින් පියුමි පුද්ගලික ගුවන් යානයක් ගැන කියයි..බලන්න පියුමි පළමු වරට හෙළි කළ දේ..


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.