දැඩි සුළං සමඟ අද ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

Report

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව, වයඹසහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩිවන ග්‍රහ යෝගයක්..මේ ලග්න වලට මල් 07 යි..

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩිවන ග්‍රහ යෝගයක්..මේ ලග්න වලට මල් 07 යි..


දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තද සුළං ඇති විය හැක.

ඉංග්‍රීසි හෝඩියෙන් තරුණයෙක් ලෝක වාර්තාවක් තබයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න..(VIDEO)

ඉංග්‍රීසි හෝඩියෙන් තරුණයෙක් ලෝක වාර්තාවක් තබයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න..(VIDEO)


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.