නිවාඩුව ඉවර වෙලා, අද උදේන්ම එළියට යන්න හිතනවා නම් වැස්ස එන වෙලාව ගැනත් දැනගෙනම යන්න.
Sri Lanka
Weather
By krishani
අද (06) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි ය.
උතුරු සහනැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් ය.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
