දිවයිනේ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ සිදුවන දෙය - අවදානයෙන් කටයුතු කරන්න..
Sri Lanka
Weather
By krishani
අද (05) පස්වරුවේ හා රාත්‍රී කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ හා දකුණ යන පළාත්වලට මෙම තත්ත්වය ඇති විය හැකි ය.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, අකුණු මඟින් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
