නිවාඩු දවසේ අද කොහෙහරි යන්න ද හිත හිත හිටියේ?. එහෙනම් මේ දේ ගැනත් දැනුවත් වෙලාම යන්න.
Sri Lanka
Weather
By krishani
අද (05) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම, වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි ය.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
