ධාරානිපාත වර්ෂාවත් සමග අවදානම් තත්ත්වයක් ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක් - ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා බලන්න.. ප්‍රවේශමෙන් කටයුතු කරන්න..
Sri Lanka
Weather
By krishani
මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
ඒ හේතුවෙන් දැනට නිකුත් කරන ජල ධාරිතාවයට වඩා වැඩි ජල ධාරිතාවයක් ඉදිරියේ දී නිකුත් කිරීමට සිදුවනු ඇති බව දැදුරු ඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා ජලාශයේ පහළ ප්‍රදේශවල සිටින ජනතාව ගංවතුර අවදානම ගැන වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක පැවසීය.
