කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරයි.
Sri Lanka
Weather
By krishani
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි කාල සීමාව සඳහා වැසි ඇති විය හැකි බවයි.
ඒ අනුව ඉදිරි පැය 36 සඳහා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි ය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
