අද දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය - මෝඛා ගැනත් කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..

Sri Lanka Weather
By krishani May 15, 2023 01:10 AM GMT
krishani

krishani

Report

මෝඛා සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිකුත් කර තිබෙනවා.

ඒ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා ය.

ඊයේ (14) ඊසාව දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති "මෝඛා" අතිශය චණ්ඩ කුණාටුවක් දහවල් කාලයේ දී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයේ ගොඩ බිමට ඇතුළු විය.

ඉදිරිපැය 24 තුළ දී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (15) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි ය.

දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි ය.

කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join