ඉදිරි පැය 48 ගැන රටේ සියලු දෙනාම අවධානයෙන් සිටින්න..මේ ප්‍රදේශ වලට රතු එළියක්..
මැයි 06 වනදා සිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැලඹිලි ස්වාභාවයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි.
අද (04) දිනයේ පස්වරු කාලයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවෙමින් පවතී. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 74.8ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයෙනි.
ඇද හැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5කට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ පස්වරුවේ පියවර ගනු ලැබුවා.
ඒ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ හා පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.
ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 176කට අයත් පුද්ගලයින් 660 දෙනෙකුට බලපෑම් එල්ලවී ඇති අතර, අර්ධ සහ පූර්ණ හානි සිදුවී ඇති නිවාස ගණන 65කි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |