අදත් ප්‍රදේශ රැසකට තැනින් තැන වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.

Sri Lanka Weather
By krishani Apr 05, 2023 01:04 AM GMT
krishani

krishani

Report

අද (05) ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත්  අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදේ කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා මේ මස මස (අප්‍රේල් 05) සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවත් අද දහවල් 12:13 ට තල්පේ, වැලිපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් එම නිවේදනයේ දැක් වේ.

කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join