දවසේ කාළගුණය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

Sri Lanka Weather
By krishani Aug 30, 2022 02:43 AM GMT
krishani

krishani

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ය.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවත් දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර අද දින (30) දහවල් 12:10ට මන්නාරම , පෙරියමඩු, වල්ලිවප්පලයි (මුලතිවු දිස්ත්‍රික්කය ), මරුතොඩයි (වවුනියා දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join