ඉදිරි පැය ගාණ තීරණාත්මකයි?. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න..(PHOTO)

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය ගාණ තීරණාත්මකයි?. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න..(PHOTO) | Weather In Sri Lanka 11Th April 2024

ඒ අනුව අද (11) බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

උණුසුමත් එක්ක තවත් දෙයක්?. හෙට කාලගුණයේ ප්‍රබල වෙනසක්.. මෙන්න මේ ප්‍රදේශවල අය අවදානයෙන් සිටින්න..

උණුසුමත් එක්ක තවත් දෙයක්?. හෙට කාලගුණයේ ප්‍රබල වෙනසක්.. මෙන්න මේ ප්‍රදේශවල අය අවදානයෙන් සිටින්න..


එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක් වේ.

කෙසේ වෙතත්, එම නිවේදනය අද රාත්‍රී 11.30 වෙනතුරු වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Gallery