තත්ත්වය දරුණු වේ..නොනවත්වා අනතුරු ඇගවීම්..හැකි උපරිමයෙන් ආරක්ෂිතව ඉන්න...

Department of Meteorology Landslide In Sri Lanka Weather Floods In Sri Lanka
By Piyumika Nov 26, 2024 09:03 AM GMT
Piyumika

Piyumika

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර පිටාර ගැලීමෙන් අද (26) උදෑසන වනවිට මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යටව පැවතියේය.

ඊයේ (25) දිනයට සාපේක්ෂව අද උදෑසන වන විට ජලයෙන් යටව තිබූ බොහෝ මාර්ගවල ජලය බැස ගොස් ගමනාගමනය යථාතත්ත්වයට පත් වී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම පිළිබද..

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම පිළිබද..

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස කද්දුව හරහා මාලිම්බඩ මාර්ගය මාලිම්බඩ උතුර මහා විද්‍යාලයේ අසලින් හා කද්දුව විටියල මාර්ගය මැද්දගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් යටව පවතින අතර කිරම ආර පිටාර ගැනීමෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදව ප්‍රදේශය තවදුරටත් ජලයෙන් යටව පැවතිමෙන් ගමනා ගමන කටයුතුවලට බාධා මතුව තිබේ.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 61 පුද්ගලයින් 240 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

නිල්වලා ගංගාවේ සහ එහි අතු ගංගාවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බව මාතර ආපදා කළමනාකරන ඒකකය විසින් පැවසු අතර, උසස් පෙළ විභාගය සඳහා ගමන් කරන දරුවන් සඳහා සකසා ඇති විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළ අද දිනයේ ක්‍රියාත්මක කළ බව එම ඒකකය වැඩිදුරටත් කියා සිටියේය.

උපකාරක පන්ති තහනම් කිරීම ගැන රජයේ තීරණය..සමස්ත ක්‍රමයම වෙනස් කරනවා...

උපකාරක පන්ති තහනම් කිරීම ගැන රජයේ තීරණය..සමස්ත ක්‍රමයම වෙනස් කරනවා...

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රෙද්ශයේ මේ වන විට නිර්මාණය වී ඇති පීඩන අවපාතය හේතුවෙන් අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවන තද වැසි ඇදහැලෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පීඩන අවපාතය ඉදිරි දින දෙක තුළ මෙරට නැගෙනහිර වෙරළ තීරය හරහා ඉන්දියාවේ තමිල්නාඩුව දෙසට ගමන්කරනු ඇති බවට අනාවැකි පළ කෙරේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නිර්මාණය වූ පීඩන අවපාතය මේවන විට මඩකලපුවට කිලෝමීටර 290ක් සහ ත්‍රිකුණාමලයට කිලෝමීටර 410ක් පමණ එපිටින් ගිනිකොන දෙසින් පිහිටා තිබේ. එහි බලපෑමෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුර, උතුරු මැද, දකුණ සහ ඌව පළාත්වලට ඉකුත් දින දෙක පුරා තද වැසි ඇදහැලුණි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එම පළාත්වලට මෙන්ම දිවයිනේ සෙසු පළාත්වලද අහස අදත් වලාකුළින් බරව පවතී. ගෙවුණු පැය 24 ක කාලය තුළ වැඩිම වැසි ඇදහැලුණේ නැගෙනහිර පළාතටයි.

ගාස්තු සංශෝධනය පිළිබද ලංවිමෙන් දැනුම්දීමක්..

ගාස්තු සංශෝධනය පිළිබද ලංවිමෙන් දැනුම්දීමක්..

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191කි. අම්පාර මහඔය සහ දමන යන ප්‍රදේශවලටද වැඩි වර්ෂාපතනයක් ඇදහැලුණා. ඒ හේතුවෙන් ඇතැම් මාර්ග ජලයෙන් යටව තිබෙනු දක්නට ලැබුණි.

ඇද හැලෙන තද වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන සියලු මුස්ලිම් පාසල් අද සහ හෙට වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා දැනුම් දී තිබේ.

අයහපත් කාලගුණයේ දැඩි බලපෑමක් උතුරු පළාතටද එලල් වී තිබේ. තද වැසි හමුවේ මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.

තද වැසි හේතුවෙන් උතුරු මැද පළාතේ ප්‍රදේශ ගණනාවක දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබේ. වැස්සත් සමඟ ඇතැම් නිවාස මතට ගස් කඩා වැටීම් සහ වගාබිම් යටවීම් සිදුව තිබුණි.

එමෙන්ම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අලෙවි කර ගත නොහැකිව ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටී. අධික වර්ෂාවෙන් ඌව පළාතටද දැඩි බලපෑම් එල්ල වී තිබේ. හේතුවෙන් බදුලු ඔයේ ජල මට්ටම මේ වනවිට ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් බදුල්ල සුමනතිස්ස ගම්මානය ජලයෙන් යටව තිබුණි.

අනේ ඉතින් බලන්නකෝ ලංකාවට තියන අදරේක තරම..යන්න හිත දීලම නෑ කියන්නේ..

අනේ ඉතින් බලන්නකෝ ලංකාවට තියන අදරේක තරම..යන්න හිත දීලම නෑ කියන්නේ..

අධික වාර්ෂාවත් සමග මඩොල්සිම, කුරුවිගොල්ල ඇකිරිය හරහා මැටිගහතැන්න මාර්ගයේ මැටිගහතැන්න කොටසකට පස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

එමෙන්ම වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල 99 කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාම යළි සක්‍රීය වී ඇති බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනයයේදී සැලකිළිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දන්වා සිටී.

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් මාර්ගයට ගස් කඩාවැටී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ගස් සහ පස් කොටස් ඉවත් කිරීමට පියවර ගැනුණි.

මේ අතර ඌව පරණගම රත්නෝදාගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබූ අතර හගුන්නාව ප්‍රදේශයේ ගස් කඩාවැටීම් හේතුවෙන් නිවසකට සහ විදුලි රැහැන් කණු කිහිපයකට ද හානි සිදුව තිබුණි.

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර උඩුවර හතේ කණුව ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබුනි.


You may like this video

ReeCha