අද සවස හා රාත්‍රියේ දැඩි අවධානයෙන් සිටින්න - මොකක්ද මේ වෙන්නේ..?

TN Weather Weather Latest Headlines
By Sewvandhi Aug 11, 2024 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අකුණු අනතුරු ඇගවීම් පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැණුම් දෙන්නේ,ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බවයි

එමෙන්ම වැසිත් සමග එම ප්‍රදේශවලට තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර, මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කළේ, එහි පළමු උල්කාපාත වර්ෂාව පසුගිය මාසයේදී දර්ශනය වූ අතර එහි උපරිම අවස්ථාව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව දිස්වන බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවට මෑත කාලයේ අවසන්වරට උල්කාපාත වරෂාවක් දිස්වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒසෑම වසරකම දක්නට ලැබෙන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාවයි. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී.

ReeCha