කාළගුණයෙන් අනතුරු අගවයි - මාතර සිට පොතුවිල් දක්වා තද සුළං මුහුදත් රළු වෙයි

Report

මාතර - පොතුවිල් මුහුදු තීරයට තද සුළං සහ රළු මුහුදු තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මේ ප්‍රදේශ වලට පැය 13කට ජල සැපයුම අත්හිටුවනවා - ජනතාව වතුර රැස්කර භාවිතා කරන්නැයි දැනුම්දීමක්

මේ ප්‍රදේශ වලට පැය 13කට ජල සැපයුම අත්හිටුවනවා - ජනතාව වතුර රැස්කර භාවිතා කරන්නැයි දැනුම්දීමක්

මෙම නිවේදනය අද (18) පස්වරු 1.00 සිට හෙට (19) පස්වරු 1.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ. නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ කාලයෙන් කාලයට රළු ස්වභාවයක් ගත හැකිය.

ඒ අනුව, එම මුහුදු කලාපවල කටයුතු කරන නාවික සහ ධීවර ජනතාව අවශ්‍ය සැලකිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කල්පිටියේදී උණුසුම් තත්ත්වයක් - පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ගැටුමක්

කල්පිටියේදී උණුසුම් තත්ත්වයක් - පොලීසිය හා ගුවන් හමුදා සෙබළුන් අතර ගැටුමක්