කාලගුණයෙන් පළාත් කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

Report

තද සුළං සහ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කලාපවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළු තත්ත්වයන් ඇති විය හැකි බැවින්, මුහුදු කටයුතුවල නිරත වන පිරිස් අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී ඇත.

මේ අතර, දිවයින පුරා බලපා ඇති සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලට අමතරව මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

රටේ උණුසුම එන්න එන්නම ඉහළට - ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

රටේ උණුසුම එන්න එන්නම ඉහළට - ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න