ලංකාවට තවත් රතු එළියක් - මේ රෝග ලක්ෂණ එක්ක දින 3ට වඩා උණ නම් වහාම වෛද්‍ය පරීක්ෂණ කරගන්නැයි උපදෙස්

Report

ඒඩ්ස් හැර ලිංගාශ්‍රිත රෝගීන් දසදහස ඉක්මවා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කරයි. ඒ අනුව මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ ඉකුත් වසරේ සිට මේ දක්වා කාලය තුළ බව සඳහන්.

එමෙන්ම මෙම රෝගීන් අතර හර්පීස්, ගොනෝරියා, උපදංශය, ලිංගික ඉන්නන් ශරීරගතවූ රෝගීන් දසදහස් තිස් දෙදෙනකු සිටින බව සඳහන්.

එම දත්ත වාර්තාවලට අනුව හර්පීස් ශරිරගත වූ රෝගීන් දෙදහස් නවසිය විසි දෙනකු (2920), ලිංගික ඉන්නන් ශරීරගත වූ රෝගීන් දෙදහස් දෙසිය අසූහතර දෙනකු (2284), සිෆිලිස් රෝගින් එකදහස් දෙසිය අසූ නව දෙනකු (1289), ගොනෝරියා රෝගීන් හයසිය අනූ දෙදෙනකු (692) සහ වෙනත් ලිංගික රෝග ආසාදිතයන් දෙදහස් අටසිය හතළිස් හත් දෙනකු (2847) ඇතුළත්.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

තවද පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ඒඩ්ස් රෝගීන් ද අටසිය හැත්තෑ හතර දෙනකු (874) වාර්තා වී තිබෙනවා. එබැවින් සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ ලිංගික ප්‍රදේශවල තුවාල, බිබිලි, ලිංගික අවයවවල ඇති වේදනා තත්ත්වයන්, ගැටිති වැනි රෝග ලක්ෂණ සහ දින තුනකට වඩා වැඩි කාලයක් උණ පවතී නම් කඩිනමින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතාවල නිරතවන පුද්ගලයන් නිරතුරුව වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීමෙන් සහ නිසි ප්‍රතිකාර ලැබීමෙන් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව පවතින බවයි.

එසේම එම වැඩසටහන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණ සිදුකර ගැනීමට KNOW4SURE.LK වෙබ් අඩවියට පිවිසීමෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවයි. 

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

විශ්‍රාම වයස වෙනස් කරයි.. විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා රටම බලා සිටි තීරණය ගැන දැනුම්දීමක්

විශ්‍රාම වයස වෙනස් කරයි.. විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා රටම බලා සිටි තීරණය ගැන දැනුම්දීමක්

ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!

ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!