හොලිවුඩයම කඳුළින් තෙත් වෙයි - ද පියානෝ' සහ 'ජුරාසික් පාර්ක්' හි රඟපෑ සෑම් නීල් අභාවප්‍රාප්ත වෙයි

By Kanchana Jul 13, 2026 06:39 AM GMT
Report

ඔස්කාර් සම්මානලාභී The Piano සහ ලොව පුරා අතිශය ජනප්‍රිය Jurassic Park චිත්‍රපට මාලාවේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් නවසීලන්ත ජාතික ප්‍රවීණ නළු සෑම් නීල් වයස අවුරුදු 78 දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ අභාවය පිළිබඳ පුවත සඳුදා ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කළ අතර, මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත් කර නොමැත.

ප්‍රකාශයේ සඳහන් වූයේ, පවුලේ සාමාජිකයන් අතරේ, ගෞරවයෙන් හා සාමකාමීව ඔහු අවසන් හුස්ම හෙළූ බවයි. එමෙන්ම මේ දුෂ්කර අවස්ථාවේදී පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසද ඉල්ලා තිබේ.

2023 වසරේදී සිය මතක සටහන් ග්‍රන්ථය Did I Ever Tell You About This? හරහා සෑම් නීල් හෙළි කළේ තමන්ට තුන්වන අදියරේ ඇන්ජියෝඉමියුනොබ්ලාස්ටික් ටී-සෛල ලිම්ෆෝමාව නම් දුර්ලභ රුධිර පිළිකාවක් ඇති බවයි.

වසරක රසායනික ප්‍රතිකාරවලින් අනතුරුව පිළිකාව පාලනය වී තිබූ බවද ඔහු සඳහන් කර තිබුණි.

1947 දී උතුරු අයර්ලන්තයේ ඔමාග් නගරයේ උපත ලැබූ නීල්, කුඩා වියේදී පවුල සමඟ නවසීලන්තයට සංක්‍රමණය වූ අතර එරට රංගන ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

1977 වසරේ Sleeping Dogs චිත්‍රපටයෙන් ප්‍රසිද්ධියට පත් වූ ඔහු, My Brilliant Career, The Hunt for Red October, Dead Calm, The Dish, The Tudors, Peaky Blinders ඇතුළු චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ රැසක රංගනයෙන් දායක විය.

''උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා'' සමාජ මාධ්‍ය කළඹමින් මිය ගිය තරුණයාගේ මිතුරෙකුගෙන් වෙනස් කතාවක් එළියට

''උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා'' සමාජ මාධ්‍ය කළඹමින් මිය ගිය තරුණයාගේ මිතුරෙකුගෙන් වෙනස් කතාවක් එළියට

1993 වසරේ The Piano චිත්‍රපටයේ සහ Jurassic Park හි ආචාර්ය ඇලන් ග්‍රාන්ට්ගේ චරිතය නිරූපණය කිරීම ඔහුගේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නැංවූ අතර, පසුව Jurassic Park III සහ Jurassic World Dominion චිත්‍රපටවලද එම චරිතයටම නැවත පණ පෙවීය.

දශක පහකට අධික කාලයක් පුරා පැවති රංගන දිවිය තුළ සම්මාන සහ නාමයෝජනා රැසක් දිනාගත් සෑම් නීල්, සිනමා ලෝකයේ අමතක නොවන චරිත රැසකට ජීවය දුන් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස සැලකේ.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඇතුළු දේශපාලන නායකයන්, සිනමා ශිල්පීන් සහ රසිකයන් රැසක් ශෝකය පළ කරමින් උපහාර දැක්වූහ.