එකින් එක බිද වැටෙන සටන් විරාමයන් මැද ගාසා ප්‍රහාරවලින් 6ක් ජීවිතක්ෂයට

By Malith Madushan Jul 13, 2026 06:07 AM GMT
Report

ඇමරිකානු මැදිහත්වීමෙන් ක්‍රියාත්මක බව සඳහන් සටන් විරාම තත්ත්වයක් පැවතියද, ගාසා තීරයේ ඉලක්ක වෙත එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව ගාසා සිවිල් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ගාසා සිවිල් ආරක්ෂක අංශ සඳහන් කළේ, බ්‍රහස්පතින්දා මධ්‍යම ගාසා හි නුසෙයිරාත් සරණාගත කඳවුරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ප්‍රහාරවලින් මියගිය හය දෙනාගේ සිරුරු රෝහල් වෙත රැගෙන ආ බව ගාසා සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ගාසාවට එල්ල වූ මාරාන්තික ප්‍රහාර මාලාවට සිවිල් වැසියන් 12ක් බිලිවෙයි

ගාසාවට එල්ල වූ මාරාන්තික ප්‍රහාර මාලාවට සිවිල් වැසියන් 12ක් බිලිවෙයි

දකුණු ගාසා හි ඛාන් යූනිස් ප්‍රදේශයේ බට්න් අස්-සමීන් ප්‍රදේශයේ නිවසක මළුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන්ගේ සිරුරු නසාර් රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මීට අමතරව ගාසා නගරයේ ජනතාව බහුල වීථියකට එල්ල වූ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණේ පැය 24ක් තුළ සිදු වූ ප්‍රහාරවලින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මේ අතර, ගාසා ජනතාවට ආධාර සැපයීමේ ප්‍රධාන සංවිධානයක් වන World Central Kitchen පවසන්නේ, බදාදා දිනයේ මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් එහි රියදුරු අහමඩ් නසර් සලීම් මියගිය බවයි. “මානුෂීය ආධාර ප්‍රවාහන කටයුතු කිසිවිටෙකත් ඉලක්කයක් නොවිය යුතු” බව සඳහන් කරමින් එම සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පූර්ණ විමර්ශනයක් ඉල්ලා ඇත.

සටන් විරාමය අතරතුරත් ප්‍රහාර සහ ආධාර සීමා කිරීම් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර 2025 ඔක්තෝබර් 10 වැනිදා සටන් විරාමයකට එකඟතාවකට පැමිණ තිබුණද, ගාසා තීරය තුළ ප්‍රහාර සම්පූර්ණයෙන් නතර වී නොමැති බව වාර්තා වේ.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව, එම සටන් විරාම කාලය තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 1,092 දෙනෙකු මියගොස් ඇති අතර 3,507කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

2023 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ ගාසා යුද ගැටුම්වලින් මේ දක්වා පලස්තීනුවන් 73,118කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර, සටන් විරාම එකඟතාව යටතේ සලකුණු කර ඇති “කහ රේඛාව” ඉක්මවා ගාසා තීරයේ වැඩි ප්‍රදේශයක් පාලනයට ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශ පුළුල් වීම සිවිල් ජනතාවට සහ මානුෂීය ආධාර මෙහෙයුම්වලට දැඩි අවදානමක් ඇති කරන බවයි.

ගාසා තීරයේ මානුෂීය තත්ත්වය තවදුරටත් බරපතළ මට්ටමක පවතින අතර, ප්‍රහාර සහ ආධාර සැපයීමේ සීමා හේතුවෙන් එහි සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.

ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, අත්‍යවශ්‍ය රසායනාගාර ද්‍රව්‍ය සහ රුධිර බැංකු සැපයුම් හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර, හමාස් ප්‍රධාන සාකච්ඡාකරු ඛලීල් අල්-හයියා සටන් විරාම සාකච්ඡා සඳහා ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණීමට මෙතෙක් හැකි වී නොමැත.

ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!

ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!