විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේදී අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

Report

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 21 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන අතර, ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

රාජ්‍ය සේවයකයන්ට විශේෂ දැනුම්දීමක් - කාර්‍ය්ක්ෂමතාව සදහා ඉදිරියෙදී සිදුවන වෙනස්කම් මෙන්න

රාජ්‍ය සේවයකයන්ට විශේෂ දැනුම්දීමක් - කාර්‍ය්ක්ෂමතාව සදහා ඉදිරියෙදී සිදුවන වෙනස්කම් මෙන්න

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩිදුර විභාගය සඳහා එය සැප්තැම්බර් 21 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය. 2016 පෙබරවාරි 6 වැනිදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සහ තුම්මුල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් සංවිධානය කර මහජනතාවට පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය නම් කර ඇත.