ඔබත් මේ ප්‍රදේශවල නම් දැඩි අවධානයෙන් ඉන්න..කාලගුණයෙන් හදිසි නිවේදනයක්..!
Climate Change
TN Weather
Weather
Latest Headlines
By Sewvandhi
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බවයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.