රංජන් සහ ජනපති අනුර අතර හුවමාරු වූ ලිපියක් සමාජ මාධ්‍ය කළඹයි..
ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරුවෙමින් පවතිනවා.
ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා කියා සිටියේ, එම ලිපිය සමාජ ජාලවල හුවමාරුවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බවයි.
අදාළ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවන නමුත් එය සමාජ ජාලාවලට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවයි හෙතෙම කියා සිටියේ.
නමුත් එය තමන්ට නොතේරෙන්නේ නැතැයිද පැවසූ ඔහු තම පක්ෂයට අද බොහෝ දෙනෙක් බිය වී සිටින බව ද ප්‍රකාශ කළේ ය.