“වැඩ ඉවර නම් කාර්යාලයෙන් යන්න අවසර ගත යුතුද?” - කොල්කටා සේවකයාගේ ප්‍රශ්නය සමාජ මාධ්‍ය කළඹයි

Report

ඉන්දියාවේ කොල්කටා නගරයේ ආයතනයක කොන්ත්‍රාත් පදනම මත සේවය කරන පුද්ගලයෙකු, වැඩ අවසන් කර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෝ අංශ ප්‍රධානියාට දැනුම් නොදී කාර්යාලයෙන් පිටවීම සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමකට ලක්ව තිබේ.

අදාළ සේවකයා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇති ලේඛනවල දැක්වෙන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට විකල්ප තුනක් ලබාදී ඇති බවයි. ඒ අනුව විධිමත් සමාව අයැදීමක් ඉදිරිපත් කිරීම, ඉල්ලා අස්වීම හෝ සේවයෙන් ඉවත් කිරීමකට මුහුණදීම යන විකල්ප ඉදිරිපත් කර තිබේ.

මෙම සිදුවීමත් සමඟ ඉන්දියානු ආයතනවල සේවා සංස්කෘතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් ඇතිවී ඇත. අදාළ සේවකයා පවසන්නේ තමන් එම ආයතනයේ වසර එකහමාරකට වැඩි කාලයක් සේවය කර ඇති බවයි.

තම අංශයේ පවතින ක්‍රමවේදයකට අනුව, කාර්යාලයෙන් පිටවීමට පෙර අංශ ප්‍රධානියාට දැනුම් දීම සාමාන්‍ය පුරුද්දක් බවද ඔහු සඳහන් කර ඇත. එමෙන්ම, සේවකයෙකු විනාඩි 15ක් හෝ 20ක් පමණ ප්‍රමාද වුවද කාර්යාල කණ්ඩායම් සමූහයට ඒ පිළිබඳව දැනුම් දෙන බව ඔහු පවසා තිබේ.

ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක

ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක

කෙසේ වෙතත්, තම දෛනික වැඩ පැය සම්පූර්ණ කර ඇති අතර ඉතිරි වැඩ කිසිවක් නොමැති අවස්ථාවකදී කාර්යාලයෙන් පිටවීමට අංශ ප්‍රධානියාගෙන් දිනපතා අවසරයක් හෝ දැනුම්දීමක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න තමන්ට පැහැදිලි නොවන බව ඔහු පවසා ඇත.

“මගේ වැඩ කරන පැය සම්පූර්ණ කරලා, කිසිදු වැඩක් ඉතිරිව නැත්නම්, හැමදාම පිටවීමට පෙර අංශ ප්‍රධානියාගෙන් අවසර ගන්න හෝ දැනුම් දෙන්න ඕන ඇයි?” වැඩක් ඉතිරිව ඇත්නම් සවස 6.00 පසුව වුවද එය අවසන් කිරීමට තමන්ට ගැටලුවක් නොමැති බවත්, වැඩ අවසන් කිරීමට ප්‍රමාද වුවහොත් එය පසුදින සිදුකළ හැකිදැයි විමසා කාර්යාලයෙන් පිටවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.මෙය රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකෙහිම සාමාන්‍ය සේවා පුරුද්දක්ද යන්න පිළිබඳව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ විමසා තිබේ. “මම එම උපදෙස් අනුගමනය කළ යුතුව තිබූ බව පිළිගන්නවා. නමුත් මේ පුරුද්ද ගැන මට ඇත්තටම ගැටලුවක් තියෙනවා.

විශේෂයෙන්ම රජයට සම්බන්ධ ආයතනයක මෙවැනි සේවා සංස්කෘතියක් සාමාන්‍ය දෙයක්ද? ඔබ මේ තත්ත්වය හැසිරවන්නේ කොහොමද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර ඇත.

සමාජ මාධ්‍යයෙන් විවිධ ප්‍රතිචාර මෙම පළ කිරීම සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගෙන ඇති අතර, බොහෝ පිරිසක් සේවකයාට සහාය පළ කරමින් එම ආයතනයේ ක්‍රමවේදය විවේචනය කර තිබේ.

සමහරු එය “අසාමාන්‍ය සහ විෂ සහිත සේවා සංස්කෘතියක්” ලෙස හැඳින්වූ අතර, තවත් පිරිසක් පවසා ඇත්තේ පෞද්ගලික ආයතනවල සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක සමාව අයැදීමේ ලිපියක් ලිවීමට බල කිරීම අසාමාන්‍ය බවයි.

කෙසේ වෙතත්, සේවා ස්ථානයක පවතින අභ්‍යන්තර නීති හා ක්‍රමවේද සේවකයන් විසින් අනුගමනය කළ යුතු බවටද අදහස් පළ වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනයේ නම හෝ සේවකයාගේ අනන්‍යතාව නිල වශයෙන් හෙළි කර නොමැත.

“iPhone 300ක් නොමිලේ දෙන්න හදන පන්ජාබ් ව්‍යපාරිකයා” - හැබැයි iPhone 17 හෝ ඊට ඉහළ මාදිලි පමණයි

“iPhone 300ක් නොමිලේ දෙන්න හදන පන්ජාබ් ව්‍යපාරිකයා” - හැබැයි iPhone 17 හෝ ඊට ඉහළ මාදිලි පමණයි