මේ සෑම සූර්ය බලශක්ති පද්ධතියකටම නවීන 'ස්මාර්ට් මීටර' අනිවාර්යයි.. බලශක්ති අමාත්‍යාංශයෙන් නව මාර්ගෝපදේශ

Report

වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේදී මින් පෙර ක්‍රියාත්මක වූ ‘නෙට් මීටරින්’ (Net Metering) සහ ‘නෙට් එකවුන්ටින්’ (Net Accounting) ක්‍රමවේද නව පාරිභෝගිකයින්ට නතර කර, ඒ වෙනුවට ‘නෙට් ප්ලස්’ (Net Plus) ක්‍රමය පමණක් අනිවාර්ය කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික ගාස්තු ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා විසින් විදුලි බෙදාහැරීමේ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව මෙම නව මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම නව ප්‍රතිපත්තිමය තීරණවලට අනුව ජාතික පද්ධතියට එක්වන සියලුම නව සූර්ය බල පද්ධති ගිවිසුම් ‘නෙට් ප්ලස්’ පදනම යටතේ පමණක් සිදු කළ යුතු බව පවසයි.

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

එසේම නව සබඳතා සඳහා ‘නෙට් මීටරින්’ හෝ‘නෙට් එකවුන්ටින්’ ක්‍රමවේද මින් ඉදිරියට ලබා නොදෙන බව වාර්තා වේ. මේ වන විට ක්‍රියාත්මක වන ගිවිසුම් ඒවායේ නියමිත කාලය අවසන් වන තෙක් කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යා හැකි වුවත්, එම ගිවිසුම්වල කාලය දීර්ඝ කිරීමේදී අනිවාර්යයෙන්ම ‘නෙට් ප්ලස්’ ක්‍රමවේදයට මාරු විය යුතු බව ද වාර්තා වේ.

එමෙන්ම සූර්ය බලශක්ති තාක්ෂණය මේ වන විට ස්ථාපිත ප්‍රමුඛ තාක්ෂණයක් වශයෙන් හඳුනාගෙන ඇති බැවින්, වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා වන සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්වල (SPPA) වලංගු කාලය උපරිම ලෙස වසර 12කට සීමා කර ඇති බව සඳහන්.

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මේ අතර ජාලගත කෙරෙන සෑම සූර්ය බලශක්ති පද්ධතියක් සඳහාම විදුලිබල බලපත්‍රලාභී සමාගමට දුරස්ථව දත්ත පරිශීලනය කළ හැකි නවීන 'ස්මාර්ට් මීටර' සවි කිරීම අනිවාර්ය කර ඇති බව සඳහන්.

තවද දැනට ක්‍රියාවලියේ පවතින අයදුම්පත් සඳහා බාධාවක් ඇතිවීම වැළැක්වීමට මෙම නව රෙගුලාසි සැප්තැම්බර් 11 වනදායින් පසුව ජාල අනුමැතිය (Grid clearance) ලබාදෙන ව්‍යාපෘති සඳහා පමණක් බලපැවැත්වෙන බවත්, ඊට පෙර අවසන් කරන ලද හෝ අනුමත කරන ලද ගිවිසුම් යළි විවෘත නොකරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි