ඩී.එන්.ඒ. වාර්තාවලින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු කෝටියක මුදලක් ගෙවලානෑ
ඩී.එන්.ඒ. (DNA) වාර්තා ලබාදීම වෙනුවෙන් විවිධ පොලිස් ස්ථානවලින් අය කරගත යුතුව තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් අය කරගැනීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා ඩී.එන්.ඒ. අංශය මඟින් DNA වාර්තාවක් නිකුත් කිරීමේදී නියමිත ගාස්තුවක් අය කරනු ලබයි.
කෙසේ වෙතත්, 2014 වර්ෂයේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ නිකුත් කරන ලද අදාළ වාර්තා සඳහා අය විය යුතු මෙම මුදල් මෙතෙක් අය කරගෙන නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන නිරීක්ෂණ මඟින් මෙම කරුණු අනාවරණය කර ඇති අතර, හිඟ මුදල් කඩිනමින් අය කරගැනීමට පියවර ගන්නා ලෙස ද විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.