මේ ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනය නිකුත් වේ - අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන නිවේදනයක්

Report

ඌව, නැගෙනහිර පළාත් සහ යාපනය, මුලතිව්, වවුනියා, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (19) ප.ව. 11.30 දක්වා වලංගු වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත් වලත් යාපනය, මුලතිව් වවුනියා සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක

ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.  

Gallery