රොන්මඩ සාර්ථකව ඉවත්කර බෝවත්ත ජලාශය යළි පුරවයි

Report

නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ විශේෂ ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම හිස් කරන ලද බෝවතැන්න ජලාශය නැවතත් උපරිම ධාරිතාව තෙක් ජලයෙන් පුරවා අවසන් කළ බව ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය.

වසර පනහකට පසු නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස යොදවා ජලාශයේ සහ උමං මාර්ගයේ සිරවී තිබූ රොන්මඩ සාර්ථකව ඉවත් කිරීමට හැකිවිය.

ඩී.එන්.ඒ. වාර්තාවලින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු කෝටියක මුදලක් ගෙවලානෑ

ඩී.එන්.ඒ. වාර්තාවලින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු කෝටියක මුදලක් ගෙවලානෑ

නියමිත කාලසීමාවට පෙර මෙම සංකීර්ණ කාර්යය නිමකිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් ඉංජිනේරුවරයා, ඊට දායක වූ සියලු පාර්ශ්ව වෙත සිය ස්තූතිය පළ කළේය.

ජලාශය හිස් කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තුළ යම් බියක් පැවැති අතර, නියඟ කාලගුණයක් හමුවේ මෙවැනි පියවරක් ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත් මත පළ විය.

ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක

ලෝකයම භීතියට - ජෙමිනි AI ප්‍රධාන ආයතන තුනක් හැක් කරයි - කෘත්‍රිම බුද්ධියෙන් ලෝකයම අවදානමක

කෙසේ වෙතත්, ඉබ්බන්කටුව, මොරගහකන්ද, කණ්ඩලම සහ කලා වැව ඇතුළු රජරට සමස්ත කලාපයටම ප්‍රධාන ජල මූලාශ්‍රය වන බෝවතැන්න ජලාශය මේ වන විට පූර්ණ ජල ධාරිතාවයෙන් යුතුව ජල විදුලි නිෂ්පාදනයට සහ ගොවිතැන් කටයුතුවලට ජලය මුදාහැරීමට සූදානම් කර තිබේ