හෝටලයේ සාදය උණුසුම් වෙයි - කුරුණෑගලින් වෙඩි තැබීමක් වාර්තා වෙයි
කෑගල්ල නගරයේ පිහිටි හෝටලයක ඊයේ (18) රාත්‍රියේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, එම හෝටල් සේවකයෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවට පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සාදය අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් උණුසුම් වූ තත්ත්වය පාලනය කිරීමට යාමේදී හෝටල් සේවකයා විසින් වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
නබිතුමාට අපහාස කළ වරදට මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් පෙරට - මුස්ලිම් මන්ත්‍රීවරුන්ව හා ජමීයතුල් උලමා සංගමය එක්කරගෙන සෞදි රජුට කතා කිරීමේ සූදානමක්
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.