දුම්රිය මගීන්ට සුබ ආරංචියක් - ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වෙයි
By Kanchana
මේ වසර අවසන් වීමට පෙර සියලුම දුම්රිය මගී ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සලසන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දුම්රිය මගීන්ට වඩාත් පහසු සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
මීට අමතරව, දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.