පාකිස්තානය පරදා ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් තරගයට - ''ඉන්දියාව සමඟ තීරණාත්මක සටන ඉරිදා''

Report

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (11) සමත්විය. ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී පාකිස්තාන කණ්ඩායම ලකුණු 130ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන ඉරිදා (13) ඉන්දියාව සමඟ පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

“හර්මන්ප්‍රීත් කෝර්ගේ විශ්මිත උඩපන්දුවේ ඇත්ත එළියට''- සමාජ මාධ්‍ය කළඹූ වීඩියෝව Deepfake වීඩියෝව

“හර්මන්ප්‍රීත් කෝර්ගේ විශ්මිත උඩපන්දුවේ ඇත්ත එළියට''- සමාජ මාධ්‍ය කළඹූ වීඩියෝව Deepfake වීඩියෝව

“පිටිය පුරා දුවන ඉම්රාන් තහීර්ගෙන්” ලෝක වාර්තාවක් - අවුරුදු 47දී කඩුලු 5ක් දවාගනී

“පිටිය පුරා දුවන ඉම්රාන් තහීර්ගෙන්” ලෝක වාර්තාවක් - අවුරුදු 47දී කඩුලු 5ක් දවාගනී