''පිපිරුණේ නැති මල්වෙඩිල්ල'' බලන්න ගිය පුංචි ජීවිතය අවාසනාවන්ත ලෙස අවසන් වෙයි
By Malith Madushan
මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ කෝවිලක පැවැති වාර්ෂික ආගමික උත්සවයක් අතරතුර සිදුවූ මල්වෙඩිලි අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිරාන්, කුලාක්කාඩු ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා ඊයේ (11) රාත්‍රී 11.00ට පමණ කෝවිලේ පැවැති රාත්‍රී උත්සවයට සහභාගී වී සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. උත්සවය අතරතුර දල්වන ලද මල්වෙඩිල්ලක් නිසි පරිදි පිපිරී නොයෑම හේතුවෙන් එය එම ස්ථානයෙන් ඉවත් කර තිබූ බව සඳහන් වේ.
පසුව එම මල්වෙඩිල්ල බැලීමට දරුවා ගිය අවස්ථාවේදී එය හදිසියේ පිපිරී යාමෙන් ඔහු බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලැබූ දරුවා වහාම වාලච්චේන රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.