දරුවන්ට අනගි අවස්ථාවක්..ලගදීම මෙරට විවෘත වන නව විශ්වවිද්‍යාලය මෙන්න..

Education Jaffna University Wawniya
By Aruna Jun 09, 2021 06:08 AM GMT
Aruna

Aruna

Report

 ලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය ජුලි මස 31 වන දින සිට අවලංගු කෙරෙන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

වව්නියාව නව විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යාය හා තාක්ෂණික අධ්‍යයන ශාඛාවන් හි උසස් අධ්‍යාපනය ලබාදීමේ, ප්‍රවර්ධනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා ස්ථාපිත කෙරේ.

ව්‍යාපාර අධ්‍යයන පීඨය මූල්‍ය හා ගිණුම්කරණ හා ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ‍, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණ සහ ව්‍යවසායකත්ව යන අධ්‍යයන අංශයන්ගෙන් සමන්විතය.

ව්‍යවහාරික විද්‍යා පීඨය, භෞතික විද්‍යා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ගෙන් ද තාක්ෂණික අධ්‍යාපන පීඨය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයෙන් ද සමන්විත වන බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now       

  

ReeCha