වත්තල පෙළ ආරංචිය ගැන ලැබුණු නවතම තොරතුර..

Sri Lanka Police Ministry of Defense Sri Lanka
By Sithumi Jun 14, 2022 03:08 PM GMT
Sithumi

Sithumi

Report

වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී අද (14) දහවල් වෙඩිතබා 23 හැවිරිදි පුද්ගලයෙකුව ඝාතනය කර තිබුණි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය සැක කරයි.

අද දහවල් 12.10ට පමණ වත්තල ඇලකන්ද මංසන්ධියේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී යතුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදු කළේය. කළු පැහැති යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා වෙඩිතැබීම සිදු කරන ආකාරය ඒ අසල ඇති සීසීටීවී කැමරාවක ද සටහන්වී තිබුණි. 

 මෙම වෙඩිතැබීමෙන් ඝාතනයට ලක්වී තිබුණේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි නිපුන් චන්දික පෙරේරා නමැති අයෙකි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි, දැනට අතුරුදන්ව සිටින මෝලවත්තේ බිල්ඩර් ක්‍රිෂාන්තගේ පුත්‍රයා බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කායවර්ධන මධ්‍යස්ථානයක සිට ඉන් පිටතට පැමිණ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්විය. වෙඩික්කරුවන් විසින් ටි 56 ගිනිඅවියකින් වෙඩි උණ්ඩ 11ක් පමණ එල්ල කර ඇති අතර ඉන් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව වාර්තා විය. වෙඩි ප්‍රහාරයෙන් ඒ අසල තිබු ත්‍රිරෝද රථයකට හා මෝටර් රථයකට ද හානි සිදුවී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර වැල්ලේ සාරංග නමැත්තා මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇතැයි පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now