බස් ගාස්තු වගේම ජල ගාස්තුත් වැඩි වෙයිද? ඉදිරි මාස හයේ ජල ගාස්තු සංශෝධනය පිළිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

Report

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා විසින් 2026 වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව සඳහන් කරයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ, වසරේ මුල් මාස හය සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බවයි.

එබැවින් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව සුසිල් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කරයි.

වර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකෙරුණ ද මේ වසරේ මුල් මාසය 06 සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට රජය පියවර ගෙන ඇත.

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ඒ අනුව ජුලි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා මාස 06ක කාලය තුළ ගාස්තු ඉහළ දැමීමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ,

"අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ." යනුවෙන්.  

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට